දෙමාපියභාවය (Parenting) කියන්නේ මහා සාගරයක් වගේ ගැඹුරු විෂයයක් .ඒ වගේම සියලුම දෙමාපියන්ට මේ ගැන අවබෝධයක් තියන එක ගොඩක් වැදගත් දෙයක්. ආසියාතික රටක් විදිහට ඉංග්‍රීසි භාෂාව 100% ක්ම අපි පාවිච්චි කරන්නේ නෑ වගේම ඉංග්‍රීසි භාෂාවෙන් තියන පොත්පත් කියවන්නත් බහුතරයක් දෙනා පෙලබෙන්නෙත් අඩුවෙන්. මෙන්න මේ හේතුව හින්දා ගොඩක් වෙලාවට අපිට ගොඩක් දැනුම මගහැරෙනවා. මෙම Blog එකේ ප්‍රධාන අවධානය යොමු වන්නේ සිංහල භාෂාවෙන් දෙමාපියභාවය පිළිබඳව විස්තර කිරීමයි. සිංහල භාෂාවෙන් දෙමාපියභාවය පිළිබඳ සවිස්තරාත්මක , සරලව පැහැදිළි කිරීම් මගින් භාෂාව නිසා මග ඇරෙන සියලුම කරුණු ඔයාට ඉගන ගන්නට පුළුවන්. වයසත් එක්ක දරුවන්ගේ කායික, මානසික වෙනස්කම් වලට ඔවුන්ට මුහුණ දෙන්නට පුරුදු කරන්නරට වගේම ඒවාට දෙමාපියන් විදිහට ප්‍රතිචාර දක්වන්න ඕනි විදිහ ගැනත් පුළුල් අවබෝධයක් ලබා ගන්නට මේ බ්ලොග් එක ආදරණිය අම්මලා තාත්තලාට උපකාර කරගන්නට පුළුවන්.
දරුවන්ගේ සංවර්ධන අවධීන් නිසා සිදුවන වෙනස්කම්, අපි දරුවන් සමග අදහස් බෙදාගන්න ඕනි විදිහ, ප්‍රශ්නයක් උන වෙලාවක අපි එකත් එක්ක කොහොමද ගනුදෙනු කරන්න ඕනි කියන එක, බුද්ධිමත් දරුවෙක් වගේම ඒ දරුවා මානුෂිය දරුවෙක් විදිහට උස්මත් කරන්න ඕනි කොහොමද වගේ ඉතාම පුළුල් මාතෘකා සරල වචන වලින් ඔයාට-මට පුරුදු සිංහල බසින් මේ ලිපි හරහා අපි කරුණු පෙළ ගස්වනවා.
මේ ලිපිය කියවන ඔබ අම්මා කෙනෙක් නම් තාත්තා කෙනෙක් නම් එහෙමත් නැත්නම් අම්මා කෙනෙක්,තාත්තා කෙනෙක් වෙන්න ඉන්න කෙනක් නම්, ඔව්, අපි මේ කතා කරන්නේ ඔයාට. මුළු ජීවිතේම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් විදිහට බලාපොරොත්තු වෙන්නේ ජිවිතේ තමන්ගේ දරුවන්ගේ සතුට… එහෙම නේද?
දරුවෙක් කුසින් බිහි කලාට අම්මා කෙනෙක් වෙන්න, මේ ලෝකෙට දරුවෙක් ගෙනාවට තාත්තා කෙනෙක් වෙන්න හැමෝටම බෑ කියල මම කිවොත් ඔයා එකග වෙනවද? තාත්ත විදිහට සල්ලි හම්බ කරන එකවත්, අම්ම විදිහට දරුවට කවන එක, නාවන එක, පාසලට එක්ක යන එක කියන්නේ දෙමාපියභාවය කියන වචනය ඇතුළේ ඒ දේ මුලිකම දෙයක් උනත් ඊට වඩා ලොකු පරාසයක් තුල වගකීම් ගොඩක් දෙමාපියභාවය ඇතුළේ හැංගිලා තියනවා. මේ ලිපි හරහා අපි බලාපොරොත්තු වෙන්නේ අන්න ඒ දේවල් ගැන අවබෝධයක් ලබා දෙන එකයි.
ඉතින් රැඳිලා ඉන්න මමත් එක්ක. Facebook, TikTok, YouTube හරහාත් මම මේ ගැන කතා කරනවා. අමතක කරන්නේ නැතුව ඒවටත් like කරන්න, subscribe කරන්න… මේ උත්සාහය ළමයින් වෙනුවෙන්, ළමයින් ගැන ඔයාලා හැමෝම දැනුවත් කරන්න. මොකද රටේ හෙට දවස වගේම ලෝකයේත් අනාගතය නිර්මාණය වෙන්නේ ඒ පුංචි අත් වලින්…..
