
MATS ගැන සරලව
Hi ! ආදරයෙන් පිලිගන්නවා MATS වෙබ් අඩවියට… MATS තුලින් මම බලාපොරොත්තු වෙන්නේ අම්ම කෙනෙක් විදියට, පූර්ව ළමාවිය සංවර්ධනය (Early Childhood Education)සහ ළමා මනෝවිද්‍යාව (Child Psychology) වැඩිදුර හදාරන ශිෂ්‍යාවක් විදියට, එකතු කරගත්ත දැනුම, සරල සිංහලෙන් හැමෝටම තේරෙන විදියට ලබාදෙන්න. මොකද මේ විෂයන් ගැන ලංකාව තුල තියෙන දැනුම සහ ආකල්ප එතරම් සතුටුදායක මට්ටමක නෑ. බොහොමයක් දැනුම තියෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් වීමත් මේකට එක හේතුවක්.
මේ නිසාම මම ළමයින් ගැන, එයාල හදන හැටි, එයාලගේ මනස වැඩකරන හැටි, දරුවන් එක්ක යහපත් සම්බන්දතාවයක් පවත්වන හැටි වගේ ගොඩක් මාතෘකා ගැන සරල සිංහලෙන් MATS ලිපි හරහා පැහැදිලි කරනවා. මෙතැනදී සමහර විට වැඩිහිටියන් වන අපිට මුලින්ම වෙනස් වෙන්න වේවි. අපේ සිතුම් පැතුම්, හැසිරීම් අලුතින් ගොඩනගන්න වේවි. අන්න ඒ දේ කරන හැටි ගැනත් මම කතා කරනවා.
මේ ආරාධනාව හෙට රට ගැන හිතන-අද හරි දේ කරන්න පෙළඹෙන ඔයාල හැමෝටමයි, මේ ලිපි කියවන්න, අනිත්අය අතරේ බෙදාගන්න, දැනුවත් වෙන්න, ඒ දැනුම ජිවිතයට යොදාගන්න. වැඩිදුර විස්තර ලබාගන්න MATS YouTube චැනල් එක Subscribe කරන්න, MATS Facebook පිටුවට Like කරන්න. MATS TikTok චැනල් එක Follow කරන්න